
මිලියන ගණනක් සාගරයට බිලි වෙයිද?
සාගර ජල මට්ටම ඉහල යාම පෙර සිතා සිටි ප්‍රමාණයට වඩා වැඩි බව එංගලන්තයේ බ්‍රිස්ටල් සරසවියේ මහාචාර්ය ජොනතන් බැම්බර් පවසනවා. මින් පෙර සිදුකල ගණනය කිරීම්වලින් පෙනී ගියේ 2100 වසර වන විට සාගර ජල මට්ටම සෙන්ටි මීටර 52ත් 98ත් අතර ප්‍රමාණයකින් ඉහල යනු ඇති බවයි. නමුත් ඇන්ටාටිකා සහ ග්‍රීන්ලන්ත ග්ලැසියර දියවිම වේගවත් වීම නිසා මෙම ගණනය කිරිම් තවදුරටත් වලංගු නොවන බවයි අනාවරණය වී තිබෙන්නේ. මේ අනුව 2100 වසර වන විට මින් පෙර සිතා සිටි ප්‍රමාණය මෙන් දෙගුණයකින් සාගර ජල මට්ටම ඉහල යනු ඇති බව වාර්තා වෙනවා. මේ අනුව සෙන්ටිමීටර 62ත් 238ත් අතර ප්‍රමාණයකින් ජල මට්ටම ඉහල යනු ඇති බවයි වාර්තා වන්නේ. මෙම තත්වය මත මිලියන 100කට වැඩි ජනතාවකට සිය වාසස්ථාන අහිමි වනු ඇති බවයි විද්‍යාඥයෝ පෙන්වා දෙනවා. ගෝලිය උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහල යාමයි මෙම තත්වයට හේතුව වි තිබෙන්නේ.
ප්‍රධාන කෘෂිකාර්මික බිම්වන නයිල් නිම්නය , බංග්ලාදේශය මෙන්ම ලොව ප්‍රධාන නගර වන ලන්ඩන්, නිව්යෝක් සහ ෂැංහයි ද දැඩි බලපෑමකට ලක්වනු ඇතැයි විද්‍යාඥයෝ පෙන්වා දෙනවා. ජීවිත කාලයේදී අප කිසිදිනක නොදුටු ආකාරයේ ගංවතුරක් ඉදිරි වසර 60තුල ඇතිවීමට 1%ක පමණ සම්භාවිතාවක් ඇති බවද ඔවුන් සදහන් කර තිබෙනවා.