
ප්‍රතිවාදියා හූවෙන් බේරාගත් කෝලි
ක්‍රි කට් ක්රී්ඩාවේ ජීව ගුණය විදහා දැක්වෙන සිදුවීමක් පසුගිය ඉන්දු ඔස්ට්රේරලියා තරගයෙදි දැකගන්න ලැබුණා. ඉන්දියාව පන්දුවට පහර දෙමින් සිටියදී ඔස්ට්‍රේ ලියා නායක ස්ටීවන් ස්මිත් හතරේ සිමාව අසල පන්දු රකින්නට ගියා. ඉන්දිය ප්‍රේ ක්ෂකයන්ගෙන් ස්මිත්ට ලැබුණෙ ලොකු හූවක්. පන්දු වාරය අවසානයෙදි ඉන්දිය ප්රේික්ෂකයන් දෙසට ඇවිද ගිය කෝලි ඔවුන්ට සංඥා කලේ ස්මිත්ට හූ නොකියන ලෙසත් ඒ වෙනුවට අත්පොලසන් දෙන ලෙසත් හගවමින්.
මේ සිදුවීමෙන් පසු ස්මිත් සහ කෝලි එකිනෙකා සුහදව වැලදගන්නා ආකාරය දැකගන්න ලැබුණා. තරගයෙන් පසු කෝලි සදහන් කලේ “ඔහු අතීතයේ වැරදි කර තිබෙන්නට පුළුවන්, අපි අතරේ පිටියේදී ගැටුම් තිබුනා වෙන්නටත් පුළුවන්. නමුත් ඒ සියල්ල අයිති අතීතයට. මේ වගේ අයහපත් ප්‍ර තිචාර හමුවේ ඔහුගේ මනස තරගයෙන් ඉවතට යන්න පුළුවන්. ඒ තත්වය නැති කල යුතුයි” යනුවෙන්. එමෙන්ම ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ස්මිත්ගෙන් සමාව ඉල්ලා සිටීමටද ඔහු අමතක කලේ නැහැ. මෙම සිදුවීම සමාජ මාධ්‍ය ඔස්සේ ඉහල ප්‍රතිචාරයක් දිනාගත් අතර බොහෝ දෙනා කෝලිගේ මෙම ක්‍රියාව අගය කලා.
කෙසේ වෙතත් මෙම තරගය ඉන්දියාව ලකුණු 36කින් ජයගැනීමට සමත් වුනා.
මෙහි වී්ඩියෝව පහලින්.
With India fans giving Steve Smith a tough time fielding in the deep, @imVkohli suggested they applaud the Australian instead.
Absolute class 👏 #SpiritOfCricket #ViratKohli pic.twitter.com/mmkLoedxjr
— ICC (@ICC) June 9, 2019