
රැජිණගේ මස්සිනා ගැන පොලිස් පරීක්ෂණ
බ්‍රිතාන්‍ය මහ රැජිණගේ මස්සිනා වෙතින් සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වී තිබෙනවා. ඔහු සිය මෝටර් රථයෙන් ගමන් ගන්නා විට සරසවි සිසුවියකගේ මෝටර් රථයේ ගැටී තිබෙනවා. 21 හැවිරිදි සරසවි සිසුවිය ඉන් දැඩි කම්පනයකට පත්ව ඇති බව වාර්තා වෙනවා. ඇය සාංකාවෙන් පෙලෙන බවත් මෝටර් රථයක් හිමිවීම ඇගේ මානසික තෘප්තියට හේතු වූ බවත් ඇය පවසා තිබෙනවා. අනතුරෙන් පසු මෝටර් රථය නොමැති වීම නිසා ඇය කම්පනයට පත්ව සිටින බවයි ඇය පවසන්නේ. පැයට කිලෝමීටර 100ක පමණ වේගයකින් ඇය රථය ධාවනය කරමින් සිටියදී 83 හැවිරිදි එඩ්වඩ් කුමරු සිය මෝටර් රථය එක්වර මාර්ගයට දමා ඇති බවයි වාර්තා වන්නේ. තරුණියට තුවාල සිදුව නැති අතර මෝටර් රථයේ වායු බෑගද පුපරා ගොස් තිබෙනවා. පිලිප් කුමරු සමග සිටි කාන්තාවන් දෙදෙනෙක් දිව විත් ඇගේ තත්වය පරීක්ෂා කල අතර අනුතුරුව පොලිසිය දැනුවත් කල බවත් ඇය පවසනවා. රිය අනතුර සිදුව ඇත්තේ රාජකීයයෙකු අතින් බව දැනගැනීමට ලැබි තිබෙන්නේ ඒ මොහොතේදී. 83 හැවිරිදි පිලිප් කුමරු බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ ෆීල්ඩ් මාෂල්වරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා. විම්බල්ඩන් ටෙනිස් තරග පවත්වන සියලු සංගම්වල සභාපතිවරයා වන්නේද ඔහුයි. මේ සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ ක්‍රියාත්මක බවයි වාරතා වන්නේ.