
SMS එකකින් ඉපදුණු දරුවා
මියගිය පුද්ගලයෙකුට දාව ඉපදුණු දරුවෙකු පිලිබඳ අසාමාන්‍ය පුවතක් ඇමරිකාවෙන් වාර්තා වෙනවා. ලීනී නිකොල් කෙන්ට් සහ ඇගෙ සැමියා ජෙරමි දරු සුරතල් බැලීමේ අපේක්ෂාවෙන් පසුවුනා. මේ පිලිබඳ කෙටි පනිවිඩ මගින් කල සංවාදයකදී ජෙරමි පවසා ඇත්තේ “මට අනතුරක් වෙලා කෝමා එකකට හරි මොලය මියගිය හරි තත්වයක් උදා වුනොත් මගේ ජන්මාණු ලබාගෙන දියණියක් බිහි කරන්න” යනුවෙන්. එසේ පවසන්නේ ඇයිදැයි ඇසූ විට ඔහු පවසා ඇත්තේ වෙන්න පුළුවන් නරකම තත්වයෙදි උනත් දෙදෙනාගේ අපේක්ෂා ඉටුකරගන්නා ආකාරය එය බවයි.
මෙම සංවාදයෙන් සතියකට පසු ජෙරමි රිය අනතුරකින් මිය ගිය අතර ඔහු මියගොස් පැය 44කට පසු ඔහුගේ සිරුරෙන් ලබාගත් ජන්මානු මගින් දියනියක් බිහි කිරීමට ලීනි සමත් වුවාය. රෙමී ලෙස නම් කර ඇති දියණිය දැන් යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන්නීය.