ඩොනල් ට්‍රම්ප්ට ජය පතා ඉන්දියාවේ පූජා පවත්වයි

ලෝකයටම දැනෙන මැතිවරණයක් තමයි ඇමෙරිකානු ජනාධිපතිවරණය. ඒ නිසාම ලංකාවේ අපිත් බලාගෙන ඉන්නේ මේ පාර ඇමෙරිකාවේ ජනාධිපති වෙන්නේ කවුද කියලා. හැබැයි ලංකාවේ අපි මේ ගැන උනන්දු වෙන විදිහට නෙමෙයි අපේ අල්ලපු ගෙදර එහෙමත් නැත්නම් ඉන්දියාවේ මිනිස්සු උනන්දුව දක්වන්නේ. අන්න ඒ නිසාම Cyber Street හරහා අපි යන්න හිතුවා ඉන්දියාව පැත්තේ ඇමෙරිකානු ජනාධිපතිවරණ උණුසුම කොහොමද කියලා හොයන්න.

ඉන්දියානුවන් මේ විදිහට ඇමෙරිකානු ජනපති සටනින් උණුසුම් වෙන්න ප්‍රධාන හේතු දෙකක් තියනවා. ඒ අතරින් අංක එක.ඉන්දියානුවන් ලක්ෂ සංඛ්‍යාවක් ඇමරිකාවේ පුර

වැසියන් ලෙස ඡන්දය ප්‍රකාශ කර තිබීම. මේ කියන්නේ අංක දෙක, අන්න ඒ හේතුව තමයි ප්‍රභලම හේතුව ඉන්දියාවට ඡන්ද උණුසුම දැනෙන්න. ඒ තමයි මෙවර ඩිමොක්‍රටික් පක්ෂයේ උප ජනපති අපේක්ෂිකාව වන කමලා හැරිස්ගේ පරම්පරාවම ඉන්දියානු ජාතිකයන් වීම.ලේසී නෑ නේද ? කමලා හැරිස්ගේ අත්තම්මා අතිශය ප්‍රගතිශීලී කාන්තාවක ලෙස සැලකෙනවා අන්න ඒකෙ ප්‍රතිඵලය වෙලා තියෙන්නේ කමලා හැරිස්ගේ අම්මා ඇමරිකාවේ බර්කෙලි හි පදිංචියට පැමිණීමයි. කොහොම උනත් දශක ගණනක් තිස්සේ ඉන්දියාවේ ඉන්න තමන්ගේ ඥාතීන් සමග සමීප සබඳතාවක් පවත්වාගෙන යන්න කමලා හැරිස් අමතක කරලා නැහැ. ඒ හින්දා අද වෙනකොට කමලා වෙනුවෙන් ඩිමොක්‍රටික් පක්ෂයේ ජයපතා පුද පූජා නොඅඩුව පවත්වන්න ඇගේ පාරම්පරික ගම්මානයේ මිනිස්සු යොමුවෙලා. විශ්වාස කරන්න මේ මිනිස්සු ඩිමොක්‍රටික් පක්ෂයේ ජය වෙනුවෙන් ආගමික ස්ත්‍රෝත්‍ර ගායනා කර කර හින්දු ප්‍රතිමා කිරිවලින් නැහැවීම සිදුකරනවලු.

මේ අස්සේ මිලියන පහක් හින්දූන් ගේ සහය තියනවයි කියන කණ්ඩායමක් ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ජය පතා දෙවියන් යදින්නේ ඉන්දියාවේ ප්‍රතිවාදීන් ලෙස සැලකෙන පාකිස්තානය සහ චීනය එක්සත් ජනපදය ලවා මට්ටු කරන්න පුළුවන් කියලා අරමුණු කරගෙනලු. නව දිල්ලියේ ‘හින්දු සේනා’ කියන නමින් හදුන්වන මේ කණ්ඩායම ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ජයග්‍රහණය පතා පුද පූජා ඉතා ඉහළ සැණකෙලියක් වගේ පවත්වලා තියනවා. ඒකත් මේ කොරෝනා අස්සේ.“ඉන්දියාවට ත්‍රස්තවාදය පරාජය කළ හැක්කේ ට්‍රම්ප් සිටින්නේ නම් පමණ යි” කියලා මේ කණ්ඩායමේ නායක විෂ්නු ගුප්තා කියලා තියෙන්නේ විදෙස් මාධ්‍යයට.

බලාගෙන යනකොට වෙන රටක ඡන්දෙකට දෙකට බෙදිලා දෙවියන්ගෙන් ජය ඉල්ලන්න තරම් ඉන්දියාවේ මිනිස්සු හරිම අරුම පුදුම ජාතියක්. අනේ ඉතිං ඉන්දියාවට හොඳයිනම් අපිට මොකද නේද..?

About The Author

You might be interested in