වසර 120 ක සාගර ඉතිහාසයේ සිදුකළ දැවැන්තම සොයාගැනීමයි මේ

“වසර 120 ක සාගර ඉතිහාසයේ සිදුකළ දැවැන්තම සොයාගැනීමයි මේ” මේ ටයිටිල් එක දැක්ක ගමන් ක්ල්ක් කරලා මේ පැත්තට ආවේ මොකක්ද මේ කියලා බලන්නනේ. හරි ඔන්න එහෙනම් Cyber Street හරහා අපි යමු ඕස්ට්‍රේලියා මුහුදු සීමාවට.

අහලා තියනවා නේද මහා බාධක කොරල් පරය ගැන. හ්ම්ම්ම් හරි හිතුවා හරි. ලෝකයේ විශාලතම කොරල් පරය තමයි මහා බාධක කොරල් පරය කියන්නේ. මෙන්න මේ කොරල් පරය පිහිටලා තියන ඔස්ට්‍රේලියානු මුහුදේ කරපු සාගර ගවේෂණයකින් ලෝකයේ උසම කොරල් පරය හොයාගෙන තියනවා. මේ හොයාගත්ත එක කොච්චර උසයිද කියනවනම් කිලෝමීටර් භාගයක් උසයි. එහෙම කිව්වම තේරෙන්නේ නෑ නේද?. මේ හොයාගත්ත කොරල් පරය හරි විදිහට කියනවනම් ලෝකයේ උසම ගොඩනැගිල්ල ලෙස කාලයක් සලකපු ඇමරිකාවේ එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලටත් වැඩිය උසයි, ඔන්න ඔය පහල තියෙන්නේ ඒ ගොඩනැගිල්ලේ පින්තූරයක්.

ඔස්ට්‍රේලියාවේ මහා බාධක කොරල්පරයේ මෙච්චර කාලයකට ගවේෂණය නොකළ කේප් යෝක් හරියේ තමයි මේ උසම කොරල් පරය හොයාගන්න ලැබිලා තියෙන්නේ. වැඩේ කියන්නේ හෙව්වට පස්සේ මෙහි උස තහවුරු කර ගන්නට විද්‍යාඥයන්ට මාස 12 ක කාලයක් ගතවෙලා. සුබැස්ටියන්– Sඋඹස්ටිඅන් කියන රොබෝවක් යොදාගෙන සාගර පතුලේ ත්‍රිමාන තාක්ෂණයෙන් සිතියම් ගත කරලා තමයි මෙම අති දැවැන්ත සහ යෝධ උසැති කොරල් පරය ඔවුන්ට හමුවෙලා තියෙන්නේ.

මේ සොයාගැනීම අවුරුදු 120ක සාගර ගවේෂණයේ දැවැන්තම සොයාගැනීම කියලා කිව්වට මොකද තව හොයා ගන්නම කොච්චර දේවල් ඔය වතුර ගොඩට පහළින් ඇතිද. නිකමට ඉන්න ගමන් හිතලා බලන්නකෝ…

About The Author

You might be interested in