මිනිත්තු කිහිපයක් ඇතුළත සියල්ල අහිමි වූ ජෝ බයිඩන්

මේ වෙනකොට ලෝකයට ලොක්කා එහෙමත් නැත්නම් ඇමෙරිකාවේ මීළග ජනපති වීමේ සිහිනයේ ඉදිරියෙන්ම ඉන්නේ ජෝ බයිඩන්. ඒ හින්දම අපිට හිතුනා කවුද මේ ජෝ කියලා හොයලා බලන්න. අද ලෝකයේ බලවත්ම රටක ජනපති වෙන්න හදන ජෝ බයිඩන්ගේ ජිවිත කතාව හරිම කටුක බවින් පිරිච්ච එකක්.

1942 දී උපත ලබන ජෝ මධ්‍යම පාන්තික පවුලක ළමයෙක්. විවිධ විදිහේ හැල හැප්පීම් මත ළමා කාලය ගෙවෙන බයිඩන් නීතීඥයෙකු ලෙස තරුණ ජීවිතය අරඹා ඉක්මනින්ම දේශපාලනයට පිවිසෙනවා.1972 වසරේ ඔහු ඇමරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් ඉතිහාසයේ 5 වැනියට ළාබාලතම සෙනෙට් සභිකයා බවට පත් වෙනවා. ඒ ඩෙලවෙයා ජනපදය නියෝජනය කරමින්. ඔහුගේ බිරිඳ නෙයිලියා බයිඩන් එක්ක ජෝ විවාහ වෙන්නේ 1966 අවුරුද්දෙදි.එම විවාහයෙන් ඔහුට එක් සුරතල් දියණියක් වගේම පුතුන් දෙදෙනෙක් හිටියා. 1972 වසරේ නත්තල් සාප්පු සවාරිය සඳහා ගොස් සිටියදී ට්‍රැක්ටර් ට්‍රේලර් රථයක් ඔවුන් වෙත කඩාගෙන පැමිණ නිසා ජෝ බයිඩන්ට තමන්ගේ බිරිඳ නෙයිලියා සහ අවුරුද්දයි මාසයක් වයසැති සිඟිති දියණිය නයෝමි ක්‍රිස්ටිනා බයිඩන් අහිමි වෙනවා.

ඉන්පස්සේ අනතුරෙන් බරතළ ලෙස තුවාළ ලැබූ සිඟිති පුතුන් දෙදෙනා සමග ජීවත් වන තනි පියෙකු බටව පත්වෙන්නයි ජෝට සිද්දවෙන්නේ. වරක ඔහුට සියදිවි නසාගන්න හිතෙනවා. හැබැයි දෙපුතුන් මව-පියා දෙදෙනාම අහිමි අනාථයන් වීම ඉවසිය නොහැකි නිසාම පමණක් ඔහු තවදුරටත් ජීවත් වන්නට තීරණය කරනවා.

‘‘ජීවිතයේ පළමු වතාවට මම තේරුම්ගත්තා මිනිසුන් ඉතාම හොඳින් සිතාබලා සිය දිවි නසාගන්නා බව…‘‘

ජෝ, දිනපතාම පැය 4 ක දුම්රිය ගමනකින් නිවසට යන ගමන්, පුතුන් නින්දට යැවිය හැකි ළමා කතන්දර කියවා පාඩම් කරගන්නවා. ගෙදර ගිහින් දරුවන් නැළවන්න ඔහු ඒ කතන්දර ප්‍රයෝජනයට ගන්නවා. හැම උදෑසනකම අවදි වෙලා රැකියාවට යාමට කලින් දරුවන්ට උදා ආහාරය සකස්කරලා හැම වැඩක්ම තනියම ඔහු සිද්ද කරනවා.පස් වසරකට පස්සේ 1977 දී ඔහු නැවත විවාහ වෙනවා. ඒ දික්කසාද වූ, පුතුන් දෙදෙනෙකු සිටි ගැහැණියක වූ ජිල් ට්‍රේසි ජේකොබ් සමග.ජෝ තවත් දියණියකගේ පියෙකු බවට පත්වෙන්නේ 1981 දීයි.

අධ්‍යාපනඥවරියක් වූ ජිල් ට්‍රේසි ජේකොබ් පසු කලෙක ජෝ බයිඩන්ගේ ජීවිත කතාව කුඩා දරුවන්ට වටහාගත හැකි ආකාරයේ ළමා කතා පොතක් බවට ද පත්කරනවා..ඔබාමා පරිපාලනයේ උප ජනපතිවරයා වශයෛන් සිටියදී, මවද නැතිව ඔහු හදාගත් වැඩිමල් පුතා, එකට 46 හැවිරිදි වූ බීයු බයිඩන් මොළයේ පිළිකාවක් නිසා මෙළොව හැර යනවා. බීයු පියාගේ පිය සටහන් අනුව යමින් සිටි නීතීඥයෙකු, දේශපාලඥයෙකු මෙන්ම හමුදා නිලධාරියෙකු වශයෙන්ද කටයුතු කරමින් සිටියා.පුතු බීයුගේ අහිමි වීම ඔහුට ජීවිතයේ නව අරමුණක් ඇති කරනවා. ඒ සිය පුතා තමන් ගැන ආඩම්බර වනවා දැකීමට. ඒ අරමුණ මේ වනකොට ඉටුවෙමින් පවතින්නේ 1908 වසරෙන් පසුව ඇමෙරිකානු ජනතාවගේ වැඩිම ඡන්ද ප්‍රමාණයක් හිමිකරගනිමින් ඇමෙරිකාවේ ජනපති සිහිනයේ ඉදිරියෙන්ම සිටීමෙනුයි.

About The Author

You might be interested in