
ලොව පළමු 6G පරීක්ෂණ චන්ද්‍රිකාව කක්ෂගත කරයි
චීනය ‘ලොව පළමු 6G’ පරීක්ෂණ චන්ද්‍රිකාව කක්ෂගත කර තිබෙනවා. ඒ 6 G තාක්ෂණය අත්හදා බැලීම සදහායි.ෂැන්සි පළාතේ තායුවාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ සිටයි එය දියත්කර ඇත්තේ.
5G ට වඩා බොහෝ වාරයක් වේගයෙන් දත්ත සම්ප්‍රේෂණ වේගය ළඟා කර ගැනීම සඳහා අධි-සංඛ්‍යාත ටෙරාහර්ට්ස් තරංග භාවිතා කිරීමද ඊට ඇතුළත් වේ.බෝග ආපදා අධීක්ෂණය සහ ලැව් ගිනි වැළැක්වීම සඳහා යොදා ගන්නා තාක්ෂණය ද මෙම චන්ද්‍රිකාව සතුව ඇත.තව වසරකින් පමණ ලෝකයේ බොහෝ දුරකතන සමාගම් 6G තාක්ෂණයට මාරුවන බවයි ඔවුන් පුරෝකතනය කර ඇත්තේ.