ජනපතිකම අහිමි වූ ට්‍රම්ප්ව බිරිඳත් හැර යෑමට සැරසෙයි

ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිය ජනාධිපති ධූරය අහිමි වූ සේම සිය බිරිඳ වන මෙලනියා ට්‍රම්ප්වද අහිමි වීමට යන බවට ඩේලි මේල් පුවත් සේවය වාර්තාකර තිබෙනවා.එම පුවතේ කියවෙන විදිහට ඩොනල් ට්‍රම්ප්ගේ පුතුන් දෙදෙනාට හා සමාන දේපලක උරුමය මෙම දික්කසාදයත් සමග මෙලනියා බලාපොරොත්තුවෙන බවයි.

හිටපු සහායක ස්ටෙෆනි වොල්කොෆ් සඳහන් කරන්නේ ට්‍රම්ප් හා මෙලනියා අතර ඇත්තේ හුදෙක් ‘ගනුදෙනු විවාහයක්’ බවයි.හිටපු සහායක ඔමරෝසා මැනිගෝල්ට් නිව්මන් කියා සිටියේ මෙම යුවළගේ අවුරුදු 15 ක විවාහය අවසන් වී ඇති බවයි. “මෙලනියා ට්‍රම්ප් සිය ධුරයෙන් ඉවත්ව යන තෙක් ඇගිලි ගනිමින් බලා සිටින්නේ ඔහුගෙන් දික්කසාද වීමටයි.” මැනිගෝල්ට් පවසා ඇත. “ට්‍රම්ප් සිය ධූරයේ සිටියදී ඔහුට නින්දා කරමින් මෙලනියා ඔහුව හැරගියහොත් ඔහු ඇයට දඬුවම් කිරීමට ක්‍රමයක් අනිවාර්යෙන් සොයාගනු ඇත” ඇය තවදුරටත් පවසා ඇත.

About The Author

You might be interested in