
ඔස්ට්‍රේලියාවේදී කිරුළු පැලදී ශ්‍රී ලාංකේය පුංචි සූපවේදිනිය
ඔස්ට්‍රේලියාවේ පැවති ‘ජූනියර් මාස්ටර්චෙෆ් 2020’ තරගයේ කිරුළ හිමිකර ගැනීමට ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති දැරියක වන 11 හැවිරිදි ජේර්ජියා සමත්ව තිබෙනවා.ඔස්ට්‍රේලියානුවන් අතර වඩාත් ජනප්‍රිය මෙම වැඩසටහනේදී මුල සිටම ජෝර්ජියා සිය ආච්චි අම්මාගෙන් උගත් ඉවුම් පිහුම් ඔස්සේ විනිශ්චය මණ්ඩලය පුදුම කිරීමට සමත් වූවා.
විශේෂත්වය වන්නේ ඇය විසින් මෙම තරගයට ඉදිරිපත් කල සියලුම කෑම වට්ටෝරූ ශ්‍රී ලංකේය කෑම වට්ටෝරූ වීමයි.එමෙන්ම ඇගේ මෙම සුවිශේෂී හැකියාව හමුවේ, ශ්‍රී ලාංකේය ආහාරපාන හා ආහාර රටාවන් කෙරෙහි ඔස්ට්‍රේලියාව ප්රමුඛ විදෙස් රටවල වැඩි උනන්දුවක් ඇතිකර ලීමටද හේතු වී තිබෙනව. වසංගත තත්ත්වයෙන් පසුව ශ්‍රී ලාංකේය සංචාරක ක්ෂේත්රයටද මෙය හොඳ පිටුබලයක් වනු ඇත.
මෙම තරගය ජයගත් ජෝර්ජියා වෙත ඔස්ට්‍රේලියානු ඩොලර් 25,000ක මුදල් ත්‍යාගයක් හිමිකර ගැනීමටද හැකිවිය.